News

ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන හෙට (31) රාත්‍රී 10 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට අප්‍රේල් 01 වැනි දා පස්වරු 4 දක්වා වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමු පාර, ඇවරිවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව, මරදාන පාර, හැදල පාරේ කොටසකට සහ ඇලකන්ද ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.