News

ගම්පහ – වීගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට

ගම්පහ වීගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5000කට ආසන්න සංඛ්‍යාවකගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත එහි සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී සිදුකර ඇති අතර ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සැකකරු පදවාගෙන පැමිණි බව කියන සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.