News

ගල්කටස් ගිණි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බෝර 12 ගල්කටස් වර්ගයේ ගිණි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙකෙු අද (23) දින රජ්ගම විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සදහා හික්කඩුව පොලිස් ස්ථානයට භාරදි ඇත.

විශේෂ කාර්‍ය බලකායේ පොලිස් පරික්ෂක චමින්ද මහතා ඇතුළු නිලධාරින් කන්ඩායමක් අද දින හික්කඩුව තිරානගම ප්‍රදේශයේ සිදුකල යෝදිසි මෙහෙයුමකදි තිරානගම ප්‍රදේශයේ පදිංචි වයස අවු: 23 ක හා ගුරුගෙවත්ත හික්කඩුව පදිංචි වයස අවු: 19 ක තරුනයෙකු මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මගින් දැන ගැනිමට ඇත.

සැකකරුවන් අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මෙම ගිණි අවි දෙකට අමතරව නෙ:12 ජිව පතරොම් 04 ක්ද තිබූ බව එම ප්‍රකාශකයා පැවසිය.

අක්මිමණ එච්.එම්.සමන්