News

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගල්කිස්ස, කල්දෙමුල්ල හංදිය අසල පිහිටි නිවසක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ රාත්‍රී 9.20ට පමණ මුහුණු ආවරණය ගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 30ක් වූ කල්දමුල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු උදාර සදරුවන් නමැති අයෙකු වනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.