ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ කුඩු චූටිගේ තොරතුරු හෙළිවෙයි
ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.
ඊයේ (14) රාත්‍රි 9 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවේ දැනට මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නමැති පාතාල සාමාජිකයාගේ අනියම් බිරිඳයි.
ඇය ආශා ෆාරි හෙවත් කුඩු චූටි යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන ඇය 39 හැවිරිදි කාන්තාවකි.
අදාළ කාන්තාව හෙරෝයින් ජාවාරමේ නිරත කාන්තාවක බවයි පොලීසිය සඳහන් කළේ.
ඇය නිවසේ රැඳී සිටියදී , යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.