ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තවක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.
පමුණුගම ප්‍රදේශයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අවුරුදු 45ක් වන කාන්තවක් වේ. හැවිරිදි කාන්තාවක් වන අතර, පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල කල්ලි නායකයා ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩි තැබූ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
බ්ලූමැන්ඩල් සංඛ මේ වනවිට පලාගොස් සැඟව සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.