නවතම ප්‍රවෘත්ති

ගාල්ලේ ධීවරයෝ උද්ඝෝෂණයක

ගාල්ල ධීවර වරාය තුල පිහිටි පෞද්ගලික අයිස් නිෂ්පාදනාගාර දෙකක් මගින්  අයිස් හොන්ඩරයක මිල රුපියල් 220 සිට 250 දක්වා වැඩි කිරීමට එරෙහිව ගාලු ධීවර වරායේ ධීවර කාර්මිකයෝ සහ යාත්‍රා හිමියෝ අද (20වැනිදා) ගාලු ධීවර වරාය තුලදී උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ධීවර සමුපාකාර සමිතියේ සභාපති පී.බි ගාමිණී,

අයිස් හොන්ඩරයක් වෙන්නපුවේ රුපියල් 180යි.  අම්බලන්ගොඩ රුපියල් 220 යි. බේරුවල යි හික්කඩුවෙයි 220යි. නමුත් ගාල්ල ධීවර වරායේ පෞද්ගලික අයිස් නිෂ්පාදනාගාර දෙකක්  අයිස් හොන්ඩරයක මිල රුපියල් 250ක් කරලා තියෙනවා. එයට අපේ දැඩි විරෝධය පල කරණවා. මේ කරන්නේ ධීවරයින් හුරා කෑමක්. අයිස්මොල් කරුවන්ට කර්මාන්ත ශාලා සදහා ඉඩම් ලබාදීල තියෙන්නේ රජයෙන්. දැන් මේ අය කියනවා අයිස් හොන්ඩර් සියයට වැඩියෙන්  ගතහොත් රුපියල් 220ට දෙන්න පුලුවන් හොන්ඩර් සියයට අඩුවෙන් ගන්නවා නම් රුපියල් 250ක් අය කරණවා කියලා. ධීවරයින් කවුරුත් එකයි, ඒ නිසා එහෙම මිල වැඩි කරන්න දෙන්න බැහැ. මේක අසාධාරණයක්.