ගාල්ලේ ව්‍යාපාරිකයින් ඝාතනය පොලිස් ලොක්කට එරෙහි පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට යටවෙයි
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකුට එරෙහිව පරීක්ෂණ වාර්තාව පොලිස් කොමිසමට යොමු නොකර පොලිස්පතිවරයා විසින් එය යටපත් කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වේ.
පසුගිය ජනවාරි 23 වැනි දින අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති භාරයේ තිබූ විශේෂ විමර්ශන ඒකකයේ පිරිසක් විසින් පැහැර ගෙන ගොස් පහර දීමෙන් පසුව එක් අයකු මියයාමෙන් පසු අනෙක් පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර සිරරු පුලුස්සා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළි කරගෙන තිබේ.
මේ වනවිට ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් දහතුන් දෙනකු ඇතුළු පහළොස් දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සිද්ධියට ඇති සම්බන්ධතාව හා එය යටපත් කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂණ අදාළ වාර්තාව මගින් පෙන්වා දෙයි.
මෙම වාර්තාව ජාතික පොලිස් කොමිසමට යොමු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස්පතිවරයාට යොමු කර ඇත.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
