News

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර කෙරේ

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ‍පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇයව අද ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝග ලබාදී තිබෙන්නේ.

පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබුණා.

රුපියල් ලක්ෂක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.