News

ගාල්ල පොලිසියේ 20කට ඩෙංගු

ගාල්ල පොලිසියේ නිලධාරීන් විසි දෙනකුට වැඩි ප්‍රමාණයකට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

දිවා රාත්‍රී සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට ඩෙංගු රෝගය වැලඳීම නිසා ඔවුන් කරාපිටිය රෝහල ඇතුළු අවට රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා බව වාර්තා වේ. එම පොලිස් නිලධාරීන් මේ දිනවල රාජකාරි සඳහා වාර්තා නොකිරීම පිළිබඳ සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ඊ.ඩබ්ලිව්. ගුණපාල – රත්ගම