News

ගාලු පාරේ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක්

මේවන විට ගාලු පාරේ ඉන්ධන පිරවුම්හල් වල ඔක්ටේන් 95 හා 92 වර්ගයේ පෙට්‍රල් නොමැති කමින් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා.

ඉන්දන හිගයක් හෝ ඛනිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයක් නොමැතිව මෙම තත්වය ඇති වී ඇති අතර අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරිවරයෙක් සඳහන් කළේ මේ වන විට ඇතිවී ඇති ඉන්ධන හිඟය අද දහවල් වන විට යතා තත්වයට පත් කරීමට හැකි බවයි.