News

ගැටළු ඇත්නම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනයට ජනපති සුදානම්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැපවී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය අංශය වැඩිදුරටත් දක්වා ඇත්තේ, 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමඟින් ඇති කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින් මෙම අදාළ සංශෝධන සිදු කිරීමට ජනාධිපතිවරයා කැපවී ඇති බවයි.

එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබෙන බවත් පෙන්වා දෙයි.