ගැටුමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් 11දෙනෙකු අත්අඩංගුවට
කොළඹ චැතම්වීදිය ප්රදේශයේ වැඩබිමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට සේවකයින් පිරිසක් අතර ඊයේ (22) දහවල් අදාළ වැඩබිමෙහිසේවය කරමින් සිටි චීන ජාතිකයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලසිය සඳහන් කරයි.
ගැටුමෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇත.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 11 දෙනාගෙන් නව දෙනෙකු ඊයේ කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.