ගෑස් මිල වැඩි කරන්නේ නෑ
රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.
ගෑස් සමාගම් මේ වනවිට මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත.
මේ අතර එම සාකච්ජාවේදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකය වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, දැනට ක්‍රියාත්මක ආනයන පාලනයන් ලිහිල් කලහොත් එය මෙරට ගෙවුම් ශේෂය මත දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවයි.
ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් ක්‍රියාමාර්ග සඳහා එම සමාගම් වර්තමානයේ සහය ලබා දීම යුතුකමක් බවත් කියා සිටියේ ය.
සබැඳි පුවත් :
ගෑස් නැතිව උයන්න වේවිද ? – https://bit.ly/30BL6Wy