News

ගිං ගඟ ගංවතුර මට්ටම දක්වා ඉහළට – පහත්බිම් ජනතාවට ඉවත්වන ලෙස අනතුරු අඟවයි

ගිං ගඟ ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බැවින් බද්දේගම හා ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අඟවයි.

බද්දේගම ජල මාපකයේ අගය අද (25) දහවල් 12.00 වනවිට ගං ගඟ මීටර් 4.93 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් පවතින අධික වැසි හේතුවෙන් ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.