ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් තම සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අද දින (20) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ගාල්ල – සුනෙත් ගාල්ලගේ