ගිනි අවි දෙකක් සහ උණ්ඩ 03ක් සමඟ අයෙක් අත්අඩංගුවට
පිටිගල ප්රදේශයේ නිවසක තිබී බලපත්ර නොමැති විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 03ක් සමඟ පුද්ගලයෙකු පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 45ක් වන සංවර්ධනගම, පොද්දීවෙල පදිංචිකරුවෙකු වන අතර අද දින එම සැකකරු ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.
පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලැබෙයි.