News

ගිවිසුම් දෙකකට පොහොට්ටුව හා නිදහස් පක්ෂය සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් ලබන 09 වැනිදා අනුරාධපුරයේදී අත්සන් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර එක් ගිවිසුමකද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතරද ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් අතර ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත.