News

ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු

ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ඒ‍ වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු – විදුහල්පති ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 30ක සාමාජිකයින් එක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේ ය.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේ දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

උද්ඝෝෂණ රැළිය අද පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.