ගෝඨාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම අද එළිදකී
ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව පළාත් නවය සඳහා වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සූදානම් වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන දේශපාලන පක්ෂවල එකමුතුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කර තිබේ.
ප්‍රධාන ප්‍රතිපත්ති ප්රකාශනය ක්ෂේත්‍ර 20ක් කේන්ද්‍ර කර ගනිමින් සකස් කර තිබේ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සහ නව ආර්ථික සංවර්ධන සැලැස්මක් ප්‍රතිපත්ති ප්රකාශනයෙන් හඳුන්වාදීමට නියමිතය. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, බදු ප්‍රතිපත්ති, ආයෝජන, සංචාරක කර්මාන්තය, දේශීය නිෂ්පාදන, විදේශයට අපනයනය කළ හැකි බැර කර්මාන්ත ආරම්භ කිරීම යන ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත. පළාත් නවය සංවර්ධනය කරන ආකාරය පිළිබඳව සඳහන් කරමින් තවත් ප්‍රතිපත්ති ප්‍රකාශ නවයක් ඉදිරිපත් කිරීමටද නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම නෙළුම් පොකුණ රඟහලේදී අද (25) පෙරවරුවේ සිදු කිරීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සියලු දෙනාම සහභාගි වීමට නියමිතය.
උදයජීව ඒකනායක