News

ගෝඨාභයට 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දී ඇත.

මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදි වන අතර විත්තිකරුවන් 4 දෙනෙකු වෙනුවෙන් නීතිපතිවරයා විසින් නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් මෙහිදී මූලික විරෝධතාවක් ද ගොනු කර ඇත.

පිළිතුරු ලබාදීම සඳහා නීතිපතිවරයා මේ මස 28 වන දා කැදවීමට නියමිත බව වාර්තා වෙයි.