ගෝඨාට තවත් මඩ ප්‍රචාර වීඩියෝවක් මුදාහැරීමේ මෙහෙයුමක් ගැන ඩලස් කියයි
අද දිනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන තවත් මඩ ප්‍රචාර ඇතුළත් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදුකළේය.
