Update : ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සමේ තීන්දුව අද පස්වරුවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමේ මූලික කරුණු විමසීම මේ වන විට අවසන් වී තිබේ.
ඒ අනුව පෙත්සම පිළිබඳ තීන්දුව අද පස්වරු 6.00 ට ලබා දීමට නියමිතයි.
ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් ගොනුකර ඇති මෙම පෙත්සම සලකා බැලීම අවසන් කරමින් සියලු පාර්ශවවලට ලිඛිත දේශන ගොනු කිරීමට අභියාචනාධිකරණය අද පස්වරු 3.15 දක්වා අවස්ථාව ලබා දී තිබේ.
Update : 2.15pm
—————————————————————————————————————————-
ගෝඨාභයට එරෙහි පෙත්සම විභාග කිරීම තුන්වන දිනටත් ඇරඹෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීමට එරෙහි පෙත්සම වැඩිදුර විභාග කිරීම තෙවන දිනටත් ආරම්භ කර තිබේ.
අද පෙරවරු 9.45ට පමණ පෙත්සම පිළිබද වැඩිදුර කරුණ කරුණු සළකා බැලීම සදහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ආරම්භ කෙරුණු බව අප වාර්තාකරු පවසයි.
