News

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද අළුයම සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ SQ-468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුගිය 9 වැනි දා සිට අද දිනය දක්වා සිංගප්පුරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දුන්නේය.