News

ගෝඨා දිනවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට

මව්බිම බේරා ගනිමු ගෝඨාභය දිනවමු – නොවැම්බර් 16 ඡන්දයට ලංකාවට යමු’ තේමාවෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඡන්ද බලය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකක් ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත. මේ වෙනුවෙන් පැවැත්වෙන පළමු සම්මන්ත්‍රණය සැප්තැම්බර් 22 වැනිදා අද ප්‍රංශයේ පැරිස් නගරයේ දී පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගි වන මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ පෙර කිසිදා නොවූ විරූ උද්යෝගයක් මෙවර ජනාධිපතිවරණය උදෙසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර මතුව ඇති බවත් අවම වශයෙන් ඡන්ද බලය හිමි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2ක් ජනාධිපතිවරණය උදෙසා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම බලාපොරොත්තුව බවත් ඔහු පවසයි. මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සම්මන්ත්‍රණය සංවිධානය කරයි.