News

ගෝඨා වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් ප්‍රචාරක රැස්වීම් 20,645ක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා කොට්ඨාස මට්ටමින් රැස්වීම් 5024ක්ද, ග්‍රාමසේවා වසම් මට්ටමින් රැස්වීම් 14021ක්ද, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, ගුරු විදුහල්පති වැනි අනුබද්ධ සංවිධාන රැස්වීම් 1600ක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවද කීවේය.

ඉදිරි දිනවලදී ආසන හා දිස්ත්‍රික් බලමණ්ඩල කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදෙන බවද ඒ මහතා පැවැසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග වෙනමම රැස්වීම් මාලාවක් සංවිධානය කෙරෙන බවත් ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

නිලන්ත මදුරාවල