ගෝලීය වෙළෙඳපොළේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්
ගෝලීය වෙළෙඳපොළේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආයතන 03ක ප්‍රධානීහු අනතුරු අඟවති.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක වෙළෙඳ සංවිධානය ඒකාබද්ධව නිකුත් කර ඇති ලිපියක් ඔස්සේ එම සංවිධානවල ප්‍රධානීහු වන චියු ඩොන්ග්යු, ටෙඩ්රොස් ඇඩනොම්, රොබර්ටෝ අසිවිඩෝ සඳහන් කරති.
කොවිඩ් – 19 හේතුවෙන් බියට පත් ජනතාව සිදු කළ හදිසි ආහාර මිලදී ගැනීම්, ඇඳිරිනීතිය පැනවීම් සහ රටවල් වසා දැමීම් හේතුවෙන් සැපයුම් ජාල දරුණු ලෙස කඩා වැටී ඇති බවද කියති.
වෙළෙඳපොළේ ආහාර තිබෙනවාද නැද්ද යන්න ගැන සැකයක් මතුව තිබේ. මේ නිසා අපනයන සීමාවීම් හා ගෝලීය වෙළෙඳපොළේ දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවද සඳහන් කෙරේ.
කුමන තත්ත්වයක් මතු වුවත් වෙළෙඳාම් කටයුතුවලට නිදහසේ ගලා යෑමට ඉඩ ලබා දිය යුතු බවද එසේ කළ හොත් ආහාර හිඟයක් ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බවද කියයි.
එසේම වෙළෙඳාම් කටයුතු සුරක්ෂිතව කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට රජයන් බාධා නොකළ යුතු බවත් අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත.
නයන තරංග ගමගේ
