චන්ද්‍රිකා සමග සමුළුවට ගිය ශ්‍රීලනිප සංවිධායකවරුන් ඉවතට
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (05 වැනිදා) පැවැති ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වූ ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (05 වැනිදා) රාත්‍රියේ රැස්විය. එහිදී මෙම තීන්දුවට එළැඹ තිබේ. ඉවත් කෙරෙන සංවිධායකවරුන් වෙනුවෙන් තාවකාලික ආසන සංවිධායකවරුන් පත්කිරීමටද මෙහිදී එකඟ වී ඇත.
එහෙත් හිටපු ජනාධිපතිනි, ශ්‍රීලනිප අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගත් බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
