News

චාලිට ගිනි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව, කොප්පර හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පස්වරුවේ මීගමුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළ අතර සැකකරු එම ප්‍රදේශයේ කුලී කම්කරුවෙකු ලෙස සේවය කරන්නෙකි.

චාලි නම් සුනඛයා සිටි කූඩුවට භූමිතෙල් ගසා ගිනි තබා තිබුණේ පසුගිය 31 වන දා රාත්‍රියේය.

අයින් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛයා පසුගිය පළමු වන දා මිය ගියේය .අත්අඩංගුවට ගත් සැකකරු පෙරියමුල්ල-මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරු අද (05) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.