චීනෙන් එනවනම් අයැදුම් කළ යුතුයි
චීනයේ නගර 54ක සිට පැමිණෙන පුද්ගලයන්ට පූර්ව වීසා අයැදුම් කිරීමකින් තොරව මෙරටට ඇතුළුවීමට අවසර නොදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තීරණය පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, පලාලි ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ සහ චීන තානාපති කාර්යාලය ද දැනුවත් කර තිබේ.
පූර්ව වීසා අයැදුම් කිරීමකින් තොරව මෙරටට ඇතුළුවීමට අවසර නොදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව කියයි.
උදයජීව ඒකනායක
