News

චීන කොවිඩ් එන්නතට අනුමැතිය ලැබෙයි

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ් මර්ධන එන්නත සඳහා මෙරට හදිසි භාවිතයට අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඒ අනුව “සිනොෆාම්“ කොවිඩ් මර්ධන එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.