News

චීන කොවිඩ් එන්නත් තොගය දිවයිනට

චීන කොවිඩ් එන්නත් තොගය දිවයිනට

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

එරට රජයේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන් ය.

මෙරට වෙසෙන චීන ජනතාවට අදාළ එන්නත් ප්‍රථමයෙන් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එන්නත් තොගය භාරගැනිමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.