චීන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක ණයක් දෙන්න ඉදිරිපත් වෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමිමට ජාත්‍යන්තර ආයතන කටයුතු කිරීමත් සමග විදේශීය මුදල් සපයා ගැනීමේ අපහසුතාවක් ඇති හෙයින් මෙම ණය පහසුකම ලබාගැනීමට ශ්‍රී ලංකාවේද අවධානය යොමුව ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.