චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා ජලය දූෂණය වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි
යාපනය චුන්නාකම් තාප විදුලි බලාගාරය හේතුවෙන් ජලය දූෂණය වූ ප්‍රදේශවාසීන් 500 දෙනකුට රුපියල් ලක්ෂ 200ක වන්දි ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) නියෝග කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමිනි.
මහජන අර්ථසාධක නඩුකරයක් ලෙස මෙය විභාගයට ගැනුණු අතර අද ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව තීන්දුව ලබා අධිකරණය ප්‍රකාශ කළේය.
චුන්නාකම් විදුලි බලාගාරයක් නිසා ජලය අපවිත්‍ර වීමට එරෙහිව රජයේ ආයතන නිසි ක්‍රියාමාර්ග නොගත් බව කියමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.
මෙම තීන්දුව ලබා දීමේදී ඉන්දියාවේ මෙවැනිම මහජන අර්ථකර නඩු කිහිපයක තීන්දු ද සැළකිල්ලට ගෙන තිබේ.
යළිත් මෙම බලාගාරය ක්‍රියාත්මක තත්වයට පත් කරන්නේ නම් පිළිගත් පාරිසරික කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පමණක් එය කළයුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.