News

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාල 2192 සඳහා එලෙස පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 75% කින් අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලබන 9 වැනිදා දක්වා නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.