ජනතාවගේ බලාපොරොත්තු මෙවර අයවැයෙන් ඉටුවී නැහැ
අය වැයකින් ඉටුවියයුතු අපේක්ෂාවන් මෙවර අයවැයෙන් ඉටුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
අයවැයක් සම්බන්ධයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබාගෙන සිටින බවත් මේ අය වැය තුළින් එම බලාපොරොත්තු ඉටුව නොමැති බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.
ඊයේ (13) පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
අයවැය ලේඛනයක් මූලික අපේක්ෂාව වන්නේ අනාගත ආයෝජනය හා සැලසුම් පිළිබඳ වාර්ශිකව සිදුකරන පුරෝකථනයක් බවත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ සිදු වන්නේ එවැනි දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.