ජනතාවට ඇතිි එකම බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණයි – අනුර
වසර හතලියක් තිස්සේ ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (17) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර ජනතාව පත්වන රජයන්ගෙන් ස්ථාවර ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණ වංචා නැති කිරීම යන අපේක්ෂා 03 ක් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටියත් ඒ කිසිවක් වත්මන් ආණ්ඩුවෙන්ද ඉටු නොවූ තැන ජනතාවට ඇතිි එකම බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ඔහු ප්‍රකාශ කළේය.