News

ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ට නෑ

අද වනවිට විදුලිය කපනවා. ජලයත් කපලා මෙම ආණ්ඩුව කිසිම කළමනාකරනයක් නැතුව කොමිස් ගැහිල්ල අරමුණු කරගෙන ආණ්ඩුව කරගෙන යන බවත් රටේ ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මෙම ආණ්ඩුවේ දේශපාලන නායකයින්ට නොමැති බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සනහන් කරයි.

බලංගොඩ, නළුවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර රට අගාධයට යන එක දේශපාලනඥයින් වශයෙන් අපට මෙන්ම ජනතාවටද බලාගෙන ඉන්න බැරි බව සඳහන් කළේය.