නවතම ප්‍රවෘත්ති

ජනතා විශ්වාසය අහිම් පාර්ලිමෙන්තුව වහම විසුරුවා මැතිවරණයක් පැවැත්විය යුතුයි ප්‍රමිත බණ්ඩාර කියයි

වත්මන් පාර්ලිමෙන්තුව පිළිබදව ජනතා විශ්වාසය බිංදුවට වැටිලා ඒ වගේම ජනතා ගෞරවයද බිදවැටිලා එනිසාම මෙම පාර්ලිමේන්තුවට පැවත්මක් නැහැ.

එනිසාම මෙම පාර්ලිමෙන්තුවෙන් මෙම වෙලාවේ රටට සමාජයකට වැදගත් දෙයක් පිලිගතහැකි දෙයක් සිදු කෙරේතැයි විස්වාස කල නොහාකිබව හිටපු මධ්‍යම පලාත්සභා ක්‍රිඩා යෞවනකටයුතු හා ග්‍රාම සංන්වර්ධන අමාත්‍ය ප්‍රමිතබණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පැවස්වේ ඊයේ ඉරිදා දින ඒමහතාගේ නිවසෙදි පැවැති පලාත්පාලන මංත්‍රිවරු දැන්වත්කිරිමේ වැඩ සටහනකට සම්බන්ධවෙමිනි. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා වත්මනේ ඇතිව ඇති තත්වය මත කවුරු අගමැති වුවත් මේ රටේ පැවැත්ම වෙනුවෙන් මෙම පාර්ලිමෙන්තුවට කල හැකි දෙයක් නැහැ මන්ද එය කෙරේහි ජනතා විස්වාසය අහිමි වී තිබීමයි. ඒ නිසා මෙම පාර්ලිමෙන්තුව අනිවාරයෙන්ම විසුරුවා හැරිය යුතුයි.

ඒ අනුව ලබන ජනවරම සහිත නව ආණ්ඩුවක් මෙරට පාලනය කලයුතුයි. ජනවිස්වාසය ඇති නව මංත්‍රි මංඩලයක් පාර්ලිමෙන්තුව නියොජනය කලයුතුයි එවිට ජන විස්වාසය මෙම පාර්ලිමෙන්තුවට ඇති වෙනවා. ඒ වගේම මෙම ආණඩුව ගෙනෙන පනත් නිති කොරේහි ජන විස්වාසයක් නැතිවෙනවා. ඒ නිසා ඊලග ආණ්ඩුව ජනවරමක් එක්ක නැවැත ආණ්ඩුවක් අගමැතිවරයෙක් පත්විය යුතුයි.

ඒ එක්කම පත්වන ඊලග ජනතා වරම සහිත ආණ්ඩුවේ කාර්ය විය යුත්තේ මේ අර්බුධකාරි 19 වැනි ව්‍යවස්ථාව ඉවත් කිරිම හෝ වෙනස්කිරිම කලයුතුයි. මේක වහිළුවක් කර නොගතයුතුයි අපි විශ්වාස කරනවා . එහිදි ගරු අධිකරණය මේ රට ගැන හිතලා එළබෙන දෙසැම්බර් හත්වෙනිදා (7) මෙම ව්‍යාවස්ථා අර්භූධය පිළිබදව අධිකරණ තීන්දුවක් වෙයි කියලා අපි හිතනවා. එහිදි මෙරට ජනතාවට තම සර්ව ජන ජන්ද බලය භවිතා කරලා ජනතා කැමැත්ත සහිත පාර්ලිමේනුතුවක් පත්කරගැනිමේ අවස්ථාව උදාවෙනවා.

අනෙක් එක මේ මොහොතේ පර්ලිමෙන්තුව නියොජනය කරණ මංත්‍රිවරුන්ගේ වගකීම වෙන්නේ එහිදි ඊලග ඡන්දයේදි මංත්‍රි විය හැකිද ? ලැබෙන ඇමැතිකම මොකද්ද දැන් තියෙන එක නැතිවෙයිද ? අළුත් ආන්ඩුව හදන්න පුළුවන් වෙයිද කියන එක නොසිතිය යුතුයි. එවා ජනතාවට ප්‍රශ්ණ නොවේ. ජනතාවට ප්‍රශ්ණය වෙලා තියෙන්නේ මෙම දේශපාලන අර්බුධය විසදලා ජනතාවට නිදහසේ ඉන්න ක්‍රමයක් ඇතිකිරිම.

ඒනිසා වත්මන් මංත්‍රිවරු සිතිය යුත්තේ තමතමන්ගේ අනාගතය ගැන නොවේ රටේ අනාගතය ගැනයි එහිදි අවධානය යොමු වියුතු කරුණු වන්නේ එළබෙන 7 වෙනිදා අධිකරණ තින්දුව පාර්ලිමේනතුව විසුරුවා හැරිම වැරදියැයි තින්දුවුව හොත් පාර්ලිමෙන්තුවේ තුනේ දේකේ ( 2/3) බහුතරයෙන් නොව 225 දෙනාගේම කැමැත්තෙන් පාර්ලිමෙන්තුවේ පනතක් සම්මත කරලා මැතිවරණයකට යායුතුයි.

වත්මනේ මෙරට ජනතාව ආණුඩුකෙරේහි මෙන්ම පාර්ලිමෙන්තු ක්‍රමය පිලිබද ජනතා අකමැත්ත කලකිරිම කලායක් තිස්සේ පසුගිය ආන්ඩුව සිදුකල ක්‍රියාවන් එක්ක ඇතිවු අරුබුදයක් විගේෂයෙන් මැතිවරණ කලු දැමිමනිසා තමන්ට ඕන විදියට මංත්‍රිවරුන් පත්කිරිමේ අවස්ථාව අහිමි කිරිම මෙන්ම පසුගිය පාර්ලිමෙන්තුවේ සංයුතුතිය අනුව මන්ත්‍රීවරු16ක් ඉන්න පක්ෂයක්වන දෙමල සංධානයට විපක්ෂ නායක කම දීමත් එක්කම පාර්ලිමෙන්තු ප්‍රජාතංත්‍රවාදය පිලිබදව කලකිරිමක් බිම්මටිටමේ ඉදලාම කලකිරිලා ඉන්නේ.

ඒ අතර මෙම තත්වය යටතේ සියලු පක්ෂ වලට ප්‍රජාතංත්‍රවාදය මතක් වෙලා ඒක එක පැත්තක ජනතා ජයග්‍රාහනයක් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත් ප්‍රජාතංත්‍රවාදය මතක් වෙලා ඒකම අපි ලබපු ජයග්‍රානයක්. එ අය පාර්ලිමෙන්තුවේ මෙන්ම රටේම කටයුතුකලේ ප්‍රජාතංත්‍රවාදය අමතක කරලා ඒම ප්‍රජාතංත්‍රවාදය මතක තිබුනානම් හොරපාරෙන් ව්‍යාවස්ථා සංශොධන විවිධ අණපනත් ගෙන එන්නේ නැහැ එවගේම මැතිවරණ කල්දාලා ජනතා මතයට පයින් ගහන්නේ නැහැ යැයි පැවසීය.

මෙම අවස්ථාව මාතලේ දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු නායක ජනතබණ්ඩාර තෙන්නකොන් පාර්ලිමෙන්තුමංත්‍රි වරයේ ප්‍රථිනත්වයෙන් සංවිධානය කොට තිබුණා. ඒම රැස්විමට දඹුල්ල මහනගර සභාවේ නගරාදිපති ඇතුළු නාගරික සභික මන්ඩලය මා පල්ලේපොල ගලේවෙල දඹුල්ල ප්‍රාදේශිය සභාවන්හි සභාපතිවරු හා මංත්‍රිවරුන් සම්බණ්ද වුණා.