ජනනාත්ගේ බෙන්ස් රථයේ ගැටුනු ප්රීතිගේ හදවත නවතී
කොළඹ නුවර පාරේ කිරිල්ලවලදී මාරක රිය අනතුරක් සිදුකළේ යැයි කඩවත පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ප්රවීණ සංගීතඥ ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර ප්රධාන මහේස්ත්රාත් හේශාන්ත ද මැල් මහතා ඊයේ (12) නියෝග කළේය.
කිරිල්ලවල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී ඊයේ (12) අලුයම 5.30ට පමණ මෙ අනතුර සිදුවී ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීය.
කොළඹ දෙසට එමින් තිබූ සැකකරු විසින් පදවන ලද බෙන්ස් වර්ගයේ සුදු පැහැති මෝටර් රථය පදික මාරුවෙන් ගමන් කරමින් සිටි එච්.කේ. ප්රීති සොබින් ද සිල්වා නමැති 62හැවිරිදි කාන්තාවගේ ගැටී ඇති බවත් බරපතළ තුවාල ලැබූ ඇය ගිලන් රථයකින් ගෙනගොස් රාගම රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බවත් පොලීසිය කියා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර අග තිය පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ගීතානි වීරසිංහ මහත්මිය පෙනී සිටියාය.