News

ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දීමක්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018 දෙසැම්බර් 31 වන දින එම චක‍්‍රලේඛය නිකුත් කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව තමා ඉදිරියේ දී සියලූ අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.