ජනපතිගේ ප්‍රකාශයෙන් පැය 24කටත් වඩා කාලය ගත වුවත් තවමත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කර නෑ
ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියා.
ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළ නමුත් මේ වන විට පැය 24කට වඩා කාලය ගතවී ගොස් ඇතත් තවමත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කර නොමැත.
මේ අතර ඊයේ දින වර්තමාන ආරක්ෂක ලේකම් ඉවත් කොට නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතා පත් කර ඇති බවට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වෙමින් තිබු අතර මේ සම්බන්ධව අප හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එලෙස ආරක්ෂ ලේකම් ධූරයට තමන්ට මෙතෙක් කිසිදු ආරාධනාවක් නොලැබුනු බවය.