ජනපතිට අමාත්‍යාංශ අටක ප්‍රධාන තැන
දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලය අනුව අමාත්‍යාංශ තුනට අමතරව මේ වන විට අමාත්‍යාංශ පහක ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරයි.
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා ආණ්ඩුවේ පත් කර ඇති කැබිනට් නොවන අමාත්‍යාංශවල ඇමැතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි. එම අමාත්‍යාංශවලට අදාළව ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි.
ඒ අනුව පසුගියදා රුවන් විජේවර්ධනට ලබා දුන් ජනමාධ්‍ය, මෙන්ම සුජීව සේරසිංහගේ විද්‍යා හා තාක්ෂණ, එම්. රාධ ක්රිෂ්ණන්ගේ විශේෂ සංවර්ධන, අජිත් පී. පෙරේරාගේ ඩිජිටල් යටිතල පහසුකම්, රවීන්ද්‍ර සමරවීරට දුන් කම්කරු හා වෘත්තීය සමිති යන කැබිනට් නොවන අමාත්‍යාංශවල බලධාරියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරයි.
ජනාධිපතිවරයා යටතේ මහවැලි හා පරිසර, ආරක්ෂක සහ නීතිය සමාජ අමාත්‍යාංශයක් පවතියි.
චමින්ද සේනාරත්න