News

ජනපතිට විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි දිනයක් සහ වේලාවක් ඒ සදහා ලබාදෙන ලෙස එමගින් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපතිවරයා දිනයක් ලබාදුනහොත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවා ප්‍රශ්න කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ තමන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බවය.