News

ජනපතිවරණයට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා – ජනපති

මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආරක්ෂක හමුදා විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ස්ථාවරත්වය ඇති කිරීමට සමත්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලූදෙනා ග්‍රහණයට හසුකරගැනීමට ද ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබාදුන් බව රොයිටර් පුවත් සේවය සමඟ ඊයේ (04) සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

‘‘මැතිවරණ කල් දැමිය නොහැකියි. ඒ නිසා ඊට පෙර ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි.’’ ඒ සඳහා තමා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කල අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ සියලූ ක්‍රියාකාරී සාමාජිකයන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ආරක්ෂක අංශ මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.