ජනපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින නියම වෙයි
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝම්බර් මස 30 හා 31 වැනිදා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතයි.
තැපැල් ඡන්ද අයදුම් කිරිම සදහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්රික්තේරීම් භාර නිලධාරිවරයා වෙත භාරදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
