News

ජනපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තවම කාලය තියෙනවා

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා තවමත් කාලය ජනාධිපතිවරයා වෙත පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

දඹුල්ල ප්‍රදේශයේ රාජකාරි සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (17) ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි දින දොළහක් දහතුනක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මෙරට නීතිය අනුව එය ප්‍රමාද කිරීමේ හැකියාව පවතින එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවත් එය යොමු කිරීමේ හැකියාව පවතින්නේ ජනාධිපතිවරයාට පමණක් බව තෙන්නකෝන් මහතා සඳහන් කළේය.