News

ජනපතිවරයාගේ වැය ශීර්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා – මහින්ද අමරවීර

ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

හම්බන්තොට පැවති රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ අතර වත්මන් ආණ්ඩුවේ කැබිනට් මන්ඩලයේන් අනුමත කරන ලද මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ වැය ශිර්ෂයක් පරාජ වන්නේ නම් එම ආණ්ඩු විසුරුවා හරීමින් අලුත් ජනාධිපතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමේ හැකියාව ජනාපතිවරයාට පවතින බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් වැය ශිර්ෂය පරාජය කරන බව පැවසුවත් ඒ අතරද පිල් දෙකඩ බෙදුන පිරිස් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.