News

ජනපති අද එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද සිය දේශනය සිදුකිරීමට නියමිතව ඇත.

කෙන්යානු ජනපති උහුරු කෙන්යාටාගේ විශේෂ ආරාධනයකට අනුව එම සමුළුවට එක්වීම සඳහා ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය අතර එම සමුළුවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුලූ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගිවීමට නියමිතය.