News

ජනපති ඉල්ලීමෙන් ඉන්දියාවෙන් ඖෂධ රැසක්

බෝ නොවන රෝග ඇතුළු තවත් රෝග වලට අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට අද (07දා) මෙරටට ළඟා වීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (06දා) ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා සහ සමගි ජන බලවේගයේ නායකයන් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (06දා) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් – 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.